කුරුණෑගල නගරාධිපති ආගිය අතක් නෑ. පොලිස් කණ්ඩායම් හතරක් රටපුරා පීරති.

0
595
- Advertisement -

කුරුණෑගල නගරාධිපති ආගිය අතක් නෑ.
පොලිස් කණ්ඩායම් හතරක් රටපුරා පීරති.

දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩ නැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින, කුරුණෑගල නගරාධිපති, තුෂාර සංජීව විතාරණ, ආගිය අතක් නැති බව පොලිසිය පවසයි.

ඔහු සොයා, පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව ද පැවසේ.

මේ අතර, නගරාධිපතිට පක්ෂපාතී පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරියේ නිහඬ විරෝධතාවයක යෙදෙමින් සිටින බව වාර්තා වේ. ඔවුන්, නීතිපතිට එරෙහිව විරෝධතා පුවරු ඔසවාගෙන සිටියි.

නගරාධිපති අත් අඩංගුවට ගන්නා ලෙස, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ, නීතිපතිවරයා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − six =