කුරුණෑගල නගරාධිපති අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි.
දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන්, කුරුණෑගල නගරාධිපති ඇතුළු සිව් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස, කුරුණෑගල මහේස්ත්රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත, වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම වරෙන්තුව ලබාගෙන තිබේ.