කුණුත් එක්ක හැප්පෙන ඇමති චම්පික

0
626
- Advertisement -

අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මෙරට ඉතා සුවිශේෂී කටයුත්තක් සිදුවූ බව අප වෙත වාර්තා වී තිබේ.එනම් මීට වසර කිහිපයකට පෙර අවිදිමත් අන්දමින් ගොඩ ගසන ලද කසළ කන්දක් නිසා අහිමි වූ ජිවිත වලට සාධාරණයක් ඉටු කිරීමේ ක්‍රියාවලියක එක් අධියරක් සනිටුහන් වීමය.ඒ අන් කිසිවක් නොව මීතොටමුල්ල කසළ කන්ද සම්භන්ද කතාවේ අලුත්ම දිග හැරුමය.

2017 වසරේ අවුරුදු සමරා එහි ප්‍රීතිය විඳිමින් සිටි ජනතාවගේ හිස මතට කසළ කන්දක් කඩා වැටි ජිවිත ගණනාවක් රටට අහිමි වූ බව කාටත් මතකයේ රැඳී ඇති කරුණකි.අවිදිමත් අන්දමින් කසළ ගොඩ ගසා නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් රටක් ව්‍යසනයට පත්කළ මීතොටමුල්ල කසළ කන්ද අද නාගරික උද්‍යානයක් බවට පත් වෙමින් තිබේ.එහි මුලිඛ අධියරයන් සියල්ල ක්‍රමිකව අවසන් කරමින් අද දිනයේ එහි සමාරම්භය හා රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී.

ඒ මෙම කසළ කන්ද මනරම් උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.ස්ථර කිහිපයක් ආකාරයට ඉහළට නගින මෙම උද්‍යානය තවත් නොබෝ කාලයකින් කොළඹ නගරය මධ්‍යයේ ඇති උසම උද්‍යානය බවට පත් කිරීම අමාත්‍යවරයාගේ හා අදාළ අංශ වල අරමුණ වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ “කොළඹ කසළ මුතුරාජවෙලට බැහැර කිරීමට අපදුන් කාලය වසරක් පමණයි. නමුත් මේ වන විට වසර දෙකක කාලයක් ගතවී තියෙනවා. දැන් කසළ බැහැර කරන්නේ අපගේ කැමැත්තකින් තොරවයි, අදටත් මුතුරාජවෙල කසළ අංගනය විවෘතව ඇත්තේ අහිංසක ජනතාව සඳහා පමණක් මිස අන් කිසිවෙක් සඳහා නොවේ.

එසේම රටපුරා කසළ කඳු 300 කට අධිකව තියෙනවා. වගකීම බාර ගන්න කෙනෙක් නැහැ. ‍ඒ හේතුවෙන් අපි එම වගකීම භාරගෙන කසළ ගැටළුවට ස්ථිර සාර විසඳුමක් අරුවක්කාලුවේ විද්‍යාත්මක කසළ තැන්පත් කිරීමේ අංගනයක් හරහා රටට ලබා දී තිබෙනවා.එහි මේ වන විට ඕනෑම අයෙකුට කසළ තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා” යනුවෙන් සදහන් කරන ලදී.

එසේම බොහෝ දෙනා කරන්නට බැරි බව කී මීතොටමුල්ල අද අපි ලංකාවේ ඉංජිනේරු තාක්ෂණය හරහාම මනරම් උද්‍යානයක් බවට පත් කරමින් යන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − eight =