කුඩු ජාවාරම් කරුවන් සමඟ ඩීල් දැමූ තවත් පොලිස් නිළධාරීන් 11 ක් අත් අඩංගුවට.

0
506
- Advertisement -

කුඩු ජාවාරම් කරුවන් සමඟ ඩීල් දැමූ
තවත් පොලිස් නිළධාරීන් 11 ක් අත් අඩංගුවට.

වැටලීම් සිදු කර අත් අඩංගුවට ගන්නා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය නැවත, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ම අලෙවි කිරීමේ කාර්යයෙහි නිරතව සිටි, පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්තව සේවය කළ පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සිව් දෙනෙක්, මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

එම සිව් දෙනාට අමතරව, පොලිස් මත් ද්‍රව්‍ය නාෂක කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ, තවත් එවැනිම දූෂිත පොලිස් නිළධාරීන් 11 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිසට අමතරව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරී කළ තවත් පොලිස් පරීක්ෂකවරයෙකු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් දියත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − two =