කුඩා පාසල් දියණියකගෙන් ජනපතිට ලැබුණු ලිපිය සහ ජනපති යැවූ ලිපිය.

0
816
- Advertisement -
Share

කුඩා පාසල් දියණියකගෙන් ජනපතිට ලැබුණු ලිපිය සහ ජනපති යැවූ ලිපිය.

කොරෝනා මර්දන වැඩසටහන සදහා ජනාධිපතිතුමා විසින් ලබා දී තිබෙන නායකත්වය අගයමින්, තමන් එකතු කර ගත් කිසියම් මුදල් ප්‍රමාණයක් කෝවිඞ් අරමුදලට බැර කිරීම සදහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එවා තිබුණු පාසල් දැරියකට, ජනාධිපතවරයා විසින් පිළිතුරු ලිපියක් යවා තිබේ.

එම ලිපිය, සති අන්ත අරුණ පුවත්පතෙන් අපි මෙසේ උපුටා දක්වමු.

ආදරණීය රොහන්සා දියණිය වෙතටයි,

දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය “ඉටුකම” COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බරයට පත්වීමි. ඔබ වැනි ශ්‍රී ලාංකේය දරුවන් වෙත අපගේ මවුබිම අනාගතයේ භාරවනු දැකීම මා හට මහත් අස්වැසිල්ලකි.

මා වෙත ලැබුණු ජනාධිපති ධුරයේ බලතල ඔබ වැනි දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බවට මම පොරොන්දු වෙමි.

ළමා කාලය අප සියලු දෙනාගේ ජීවිතයේ සුන්දරම කාලයයි. එය තම අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කෙරෙහි යොදාගනිමින් ශ්‍රී ලාංකේය නාමය ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි නව්‍ය නිර්මාණ කිරීමට ඔබ උත්සුක විය යුතුය. ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මම ආශිර්වාද කරමි.

අපි අපේ රටට ආදරය කරමු. අප වෙත පැමිණෙන සියලු බාධක එක්ව ජයගමු.

තෙරුවන් සරණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 5 =