“කිලිනොච්චි බෝම්බ පිපිරීම කළු කොටි සැමරුමකට සූදානම් වීමක් ද..?” බුද්ධි අංශ සැක පළ කරයි.

0
313
- Advertisement -
Share

කිලිනොච්චි බෝම්බ පිපිරීම
කළු කොටි සැමරුමකට සූදානම් වීමක් ද..?
බුද්ධි අංශ සැක පළ කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ, 1987 ජූලි මාසයේ පස් වන දා ය. යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී හමුදාව ඉලක්ක කර ගෙන සිදු කළ එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් හමුදා භටයන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් විය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලකාය කලු කොටි බලකාය නමින් හැදින්වෙන අතර, කළු කොටි දින සැමරුම, ඔවුන් සිය පළමු ප්‍රහාරය එල්ල කළ ජූලි මාසයේ පස් වෙනිදාට යෙදී තිබේ.

මෙම දිනය ඉලක්ක කර ගනිමින්, තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයකට එල්.ටී.ටී.ඊ සංවිධානය පසුගිය පස්වන දා උත්සාහ කර ඇති බවට හමුදා බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ෂණ ඒකකය සැක පළ කරයි.

පසුගියදා කිලිනොච්චි ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බ පිපිරීමක් සිදු ව ඇති බව වාර්තා විය.
එය – අත්හදා බැලීමකදී සිදු වූ පිපිරීමක් බව හමුදාව පවසයි.

පුපුරන ද්‍රව්‍ය සමග, යාපනයේ දී අත් අඩංගුවට ගෙන තිබුණු සිව් දෙනා – කළු කොටි දිනය සමරා එවැනි ප්‍රහාරයකට සූදානම් වූවාද යන සැකය බුද්ධි අංශ මතුකර තිබේ.

අත් අඩංගුවට ගත් සිව් දෙනාගෙන් එක් අයෙකු හිටපු එල්ටීටී සාමාජිකයෙකු බව හමුදාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 1 =