කිම් සහ පුටින් මුල් වරට හමු වේ.

0
456
- Advertisement -
Share

උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් අතර හමුවක් මේ සතිය ඇතුළත දී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරටේ රාජ්‍ය නායකයන් මුණ ගැසෙන දිනය නිශ්චිතවම සදහන් නොවෙතත්, නිසැක වශයෙන්ම ඔවුන් මුණ ගැසෙන බව රුසියාව විසින් තහවුරු කර තිබේ. පෙබරවාරි මාසයේ ඇමරිකාන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා සමග පැවති අසාර්ථක වූ නිසා, රුසියාව සමඟ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡුාව උතුරු කොරියාවට තීරණාත්මක එකක් වනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. සීතල යුද්ධය පැවති අවදියේදී එවකට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස පැවති රුසියාව සහ උතුරු කොරියාව අතර ඉතා උණුසුම් මිත‍්‍රශීලී සම්බන්ධයක් පැවතුණි. රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කරන අන්දමට, රුසියාව තුළ උතුරු කොරියානුවන් 8000 කට වඩා වැඩි පිරිසක් රැකියා කරති. එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක අනුව, රුසියාව තුළ සේවය කරන මෙම අට දහසක උතුරු කොරියානු ශ‍්‍රම හමුදාව, මේ වසර අවසන් වීමට පෙර නැවත උතුරු කොරියාව බලා පිටත් කර හැරිය යුතුය. උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරය දෙස ඇමරිකාව සහ චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම විමසිල්ලෙන් බලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =