ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගයේ ඊයේ පැවති තරගයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදා ලකුණු 28ක විශිෂ්ඨ ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 218ක් ලාබා ගැනිමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කිංග්ස් ඉලෙවන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් පමණක් දැවී ලබාගත හැකි වුනේ ලකුණු 190ක් පමණි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් රොබින් උතාපා 67* ද නිතීශ් රානා 63 ක්ද ඇන්ඩ්රී රසල් 48ක්ද වශයෙන් ලකුණු ලබා ගෙන ඇත.
කිංග්ස් ඉලෙවන් කණ්ඩායම වෙනුවෙන් ඩෙවිඩ් මිලර් 59*,මයාන්ක් අග්රවල් 58, මංදීප් සිං 33* ක් වශයෙන් ලකුණු ලබාගෙන ඇත.