කැබිනට් මණ්ඩලයේ දී රනිල් – සාගල ගැටෙති.

0
796

ආන්දෝලනාත්මක ආයෝජකයෙකු ලෙස හැදින්වෙන නන්දන ලොකු විතාන මහතා විසින් අබලි යකඩ උණු කර අළුත් යකඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ත‍්‍රීකුණාමල වරායට අයත් භූමියෙන් කොටසක් වෙන් කර දෙන ලෙස අමාත්‍ය මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් කීප වතාවක් ම අමාත්‍ය සාගල රත්නායක රත්නායක මහතාගෙන් ඉල්ලා තිබේ. නමුත්, එකී කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් සිදුවන පරිසර හානිය සැලකිල්ලට ගනිමින්, සාගල රත්නායක අමාත්‍යවරයා අදාල අවසරය ලබා දීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කර තිබේ. එසේ තිබියදී, මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාල කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා අවසර ලබා ගැනීමේ කැබිනට් පත‍්‍රිකාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. අගමැතිවරයා අදාල කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ සාගල රත්නායක අමාත්‍යවරයාට හොර රහසේ වන අතර, එකී කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් වූ සැණින් සාගල රත්නායක අමාත්‍යවරයා ඊට සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබේ. අවසානයේ දී අදාල කැබිනට් පත‍්‍රිකාව හකුලා ගැනීමට අගමැති වරයාට සිදුව ඇති බව කැබිනට් ආරංචි මාර්ග වාර්තා කරයි.