කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ මැයි 18. එහෙමනං කොහොමද ඒ සදහා අපේ‍්‍රල් 22 ණයවර ලිපි විවෘත කළේ…?

0
379
- Advertisement -

කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ මැයි 18. එහෙමනං කොහොමද ඒ සදහා අපේ‍්‍රල් 22 ණයවර ලිපි විවෘත කළේ…?

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව, සුඛෝපභෝගී වාහනය ආනයනය සදහා ණයවර ලිපි විවෘත කළේ කෙසේ දැයි, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකුවෙන් විමසයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් වටගගල මහතා විසින්, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ, මෙම කරුණ සම්බන්ධයෙන් ලංකා බැංකුවෙන් පැහැදිලිකිරීමක් ඉල්ලා තිබේ.

සුඛෝපභොගී වාහන ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කර තිබෙන්නේ අපේ‍්‍රල් මාසයේ 22 වන දා ය.

ඒ නමුත්, අදාල වාහන ආනයනය සදහා අවසර ඉල්ලමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත්ව ඇත්තේ මැයි මාසයේ 18 වන දා ය.

එමෙන්ම, මැයි මාසයේ 11 වන දා නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත‍්‍රයකින් වාහන ආනයනය තහනම් කර තිබේ.

ණයවර ලිපි විවෘත කරන ලෙස බැංකුවට උපදෙස් දුන්නේ කවුද යන්නත් වාහන ආනයනය තහනම් කර තිබියදී වාහන ආනයනය සදහා ණයවර ලිපි නිකුත් කළේ කෙසේද යන්නත් සුනිල් වටගල මහතා ලංකා බැංකුවෙන් විමසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =