කාෂ්මීර අර්බුදය; ඇමරිකාව අවධානයෙන්..!

0
1049
- Advertisement -

ඉන්දීය මධ්‍යම රජය, පසුගිය දා ජම්බුකාෂ්මීරය ඔවුන්ගේ සෘජු පාලනයට නතු කර ගත්තේ ය.

ජම්බු කාෂ්මීරය, ඉන්දියාවේ තිබෙන මුස්ලිම් බහුතරයක් ජීවත් වන එක ම ප‍්‍රාන්තයයි. මෙම ප‍්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර කලක පටන් ගැටුම් පවතී.

ඉන්දීය ව්‍යාවස්ථාවට අනුව, ඕනෑම මොහොතක ප‍්‍රාන්ත රාජ්‍යයක් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමේ හැකියාව පවතී.

ජම්බු කාෂ්මීරයේ පාලන බලය සියතට ගත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව, ප‍්‍රධාන අමාත්‍යවරයා අත් අඩංගුවට ගත්තේ ය.

අගෝස්තු මාසයේ මුල සිටම, ඉන්දීය රජය, ජම්බු කාෂ්මීරය සියතට ගැනීමේ මෙහෙයුම් දියත් කරමින් සිටි බව පැවසේ. මේ සම්බන්ධයෙන් පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන සිය විරෝධය පළ කර තිබේ. ඊට අමරතව, ඇමරිකාවද, ජම්බුකාෂ්මීරයේ සිදුවීම් සම්බන්ධයෙන් තමන් දැඩි අවදානයෙන් සිටින බව ඉන්දියාවට දැනුම් දී තිබේ.