“කාර්යාලය මගේ ගමේ එකක් බව ඇත්ත. ඒත් සේවිකාවට පහර දුන් නිළධාරියා මගේ ගෝලයෙක් නොවේ.” ප‍්‍රසන්න රණතුංග පවසයි.

0
72
- Advertisement -
Share
1 / 100

“කාර්යාලය මගේ ගමේ එකක් බව ඇත්ත.
ඒත් සේවිකාවට පහර දුන් නිළධාරියා මගේ ගෝලයෙක් නොවේ.”
ප‍්‍රසන්න රණතුංග පවසයි.

පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ ශාකාවේ කළමණාකාරවරයා විසින් එහි සේවය කරන සේවිකාවකට පහර දෙන සිදුවීමකට අදාල වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

අදාල සිදුවීමට අදාල පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ශාකාව, තමන්ගේ ගමේ ප‍්‍රදේශයේ පිහිටා තිබුණද, පහර දීමට සම්බන්ධ කළමණාකාරවරයා තමන්ගේ ගෝලයෙකු නොවන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සම්බන්ධයෙන්, අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහත දැක්වේ.

පලාත්බද මාර්ග සන්වර්ධන අදිකාරියේ උඩුගම්පොල කාර්‍යාලයේ කලමණාකාර වරයා (ඉන්ජිනේරු වරයා)සේවිකාවක ට පහර දීමේ සිද්දිය මම මහත් පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.සිද්දිය දැනගත් වහාම බස්නහිර පලාත් ආන්ඩුකාරවරයාගේ අවධානය මේ සම්බන්දයෙන් යොමු කල අතර මේ පිලිබද වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි .මා දියනියන් තිදෙනෙකුගේ පියෙකි.මා සියලු ආකාරයේ කාන්තා හින්සනයන්ට හැමවිට එරෙහිය.ඒ නිසාම මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින අතරම මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා දඩුවම් දියයුතු බව අවදාරනය කරමි.ඒ වෙනුවෙන් අපේ ආන්ඩුව තුල පෙනී සිටිමි මෙම සිද්දිය ට ඇතැම් සමාජ මාධ්‍ය මගින් මා සම්භන්ධ බවටත් සිද්දියට අදාල නිලධාරීයා මගේ ගෝලයෙකු බවටත් මතයක් සමාජ ගත කරමින් සිටින බව පෙනේ.විපක්ෂ ට සම්බන්ද පුද්ගලයන් මෙය ප්‍රචාරය කරනු ලබන්නේ මා සහ ආන්ඩුව අපහසුතාවට පත් කිරීම සදහාය .එම චෝදනා මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි.මගේ ගමේ මට කිසිදු සම්බන්දයක් නැති කාර්‍යාලය ක ඇති වු සිද්දියකට මා සම්බන්ධ බවට චොදනා කරන්නේ හිතාමතාම මාත් ආන්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට බවද අවධාරණය කරමි.මෙලෙස මඩ ගසන අය සම්බන්ධයෙන් ද පියවර ගන්නා බව අවධාරනය කරමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =