කාබනික නිපැයුම් අපනයනය කළොත් රටම ගොඩ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන –

0
151
- Advertisement -

කාබනික නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කර, එයට වැඩි වටිනාකමක් එක් කරන්නට හැකි නම් එමගින් විදේශ පිනිමය උත්පාදනය කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹිය හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

වත්මන් රජයේ අරමුණ වන්නේ වසවිසෙන් තොරව, කාබනික ආහාර පාන නිෂ්පාදනය කිරීමයි. මේ නිසා කාබනික පොහොර භාවිතයෙන් යුතු නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කිරීම මගින් නිරෝගී ජන සමාජයක් ගොඩනගා ගත හැකිය.

එසේම එය වඩාත් පුළුල් කළහොත් කාබනික නිෂ්පාදන අපනයනය කරමින් අපට විදේශ වෙළඳ පොළක් ඇති කරගැනීම අපහසු කටයුත්තක් නොවේ.

එය ලංකාවට නව ධනෝත්පාදක මාර්ගයක් වනු ඇත. භාණ්ඩ විවිධාංගීකරණය හා නවෝත්පාදනය මෙන්ම අගය එකතු කිරීම මත ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනාධිපතිවරයා දක්වන මූලෝපායික සැලසුමට මෙය කදිම පියවරක් වෙයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පෙන්වා දුන්නේ කාබනික පොහොර වලින් පමණක් ස්වකීය නිෂ්පාදන කටයුතු කරන ගොවියන් 20 දෙනෙකු සඳහා සහතික පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට ප‍්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ කාබනික නිෂ්පාදන සඳහා මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇති බවය.

ඒ අනුව ලංකාවේ ගොවියාට පුළුල් අවස්ථාවක් මේ වනවිට විවර වී තිබේ. ඒ අවස්ථාව උපරිම මට්ටමකින් ප‍්‍රයෝජනයට ගැනීම අපගේ වගකීමකි.

මෙම සියලූ කරුණු පදනම් කරගනිමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ක‍්‍රමානුකූලව අදාළ පියවර ගතහොත් අපිට මෙය ඉතාම පහසුවෙන් ජයගත හැකි ඉලක්කයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =