අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මහනුවරට ගොස් තිබෙනවා.
ඒ ඉල්ලිම් හතරක් මුල් කරගනිමින් අඛණ්ඩව උපවාසයක නිරතවන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවක්දුක් විමසීම සදහායි.
අද උදෑසන අගරදගුරු හිමිපාණන් රතන හිමියන් උපවාසයේ නිරත වන ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව වෙත ගොස් ඇත.
රතන හිමියන්ගෙ ඉල්ලීම් වලට අද දහවල් 12ට පෙර ප්‍රතිචාර නොදැක්වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගෙ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.
