කාති උසාවිය තමන්ට අසාධාරණයක් කළා යයි පවසමින් ඊයේ දිනයේ (27) මාලිගා කන්ද ප්රදේශයේ පදිංචි කාන්තාවක් වන නෝනා නජීමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙසෙ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තමන් අබාධිත දරුවකු බිහි කළ බව පවසමින් සිය සැමියා තමන්ට එරෙහිව දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවත්, ගොනුකළ නඩුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇය තම දරුවාද රැගෙන එම කරුණ පිලිබඳ පැමිණිල්ල ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇත.