ක්‍රීඩා ඇමතිතුමා කරච්චි නුවරට.

0
728
- Advertisement -

ගරු. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීම සදහා කරච්චි නුවරට ගොස් ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබද ඔවුන් සතුටු වන බව ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර තිබේ.

පාකිස්තාන ක්‍රීඩා අමාත්‍ය Muhammad Bux Khan Mahar සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහුගේ කණ්ඩායම කරච්චි ගුවන් තොටුපලේදී පිළිගෙන ඇත.