ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් රුපියල් 5000 දීමනාවෙන් ණය වාරිකය ගෙවන ලෙස ඉල්ලයි.

0
623
- Advertisement -

දකුණු පළාතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක නිලධාරින් විසින් ණය වාරික අය කිරීම හේතුවෙන් වැලිගම, කනන්කේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.

කනන්කේ ප්‍රදේශයේ පවුල් පහළොවකින් පමණ මෙසේ ණය වාරික අය කරගෙන ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙකුට ස්ථිර ආදායම් මාර්ග නැත. තමන් මෙතෙක් අඛණ්ඩව ණය මුදල් ගෙවා ඇති බැවින් රටේ පවතින වත්මන් තත්ත්වය මත සහනයක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එහෙත් අදාළ සමාගමේ නිලධාරින් පවසා ඇත්තේ කිසිදු සහනයක් ලබා දිය නොහැකි බවත්, රජය හෝ වෙනත් ආයතනයක් මගින් තමන්ට ණය වාරික එකතු නොකරන ලෙස දැනුම් දී නොමැති බවත්ය.

ණය වාරික නොගෙවීම හේතුවෙන් මූල්‍ය ආයතනයේ නිලධාරීන් තමන්ට මරණීය තර්ජන පවා සිදු කරන බව ඇතැමකු පැවසීය. රජයෙන් ලබා දෙන රුපියල් පන්දහසක දීමනාවෙන් හෝ ණය වාරික ගෙවන ලෙස එම නිලධාරීන් බලපෑම් කළ බවද ගම්වැසියෝ පැවසූහ.

•මහින්ද තැළිකෝරාලගේ

@arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + eleven =