කළුතර දිස්ත්‍රික්කයේ සියලූම රජයේ රෝහල් වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි

0
829
- Advertisement -

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පෙත්සමක් අත්සන් කරමින් සිටි වෛද්‍යවරුන් පිරිසකට අමාත්‍යවරයාට සහය දක්වන කණ්ඩායමක් තර්ජනය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සියලූම රජයේ රෝහල් වල වෛද්‍යවරුන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද පෙරවරුවේ පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ කළුතර නාගොඩ රෝහල් පරිශ්‍රයේදීයි.

මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍යවරයාට සහය පළ කරමින් උදෑසන රෝහල ඉදිරිපිට ඔහුගේ සහයකයින් පිරිසක් උද්ඝෝෂණයක් ද පැවැත් වූ අතර පසුව මෙම පිරිස රෝහල් භූමියට පැමිණ වෛද්‍යවරුන් අත්සන් කරමින් තිබූ ලේඛණ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඒවා පුළුස්සා දමා ඇති බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =