කළගෙඩිහේනේ වෑන් රථයකට පහරදුන් සිද්ධියට අදාළව ගුරුවරයෙකු ඇතුළු පුද්ගලයන් 8දෙනෙක් රිමාන්ඩ්

0
780
- Advertisement -

කොළඹ-නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහරදුන් සිද්ධියට අදාළව ගණිතය විෂය සඳහා අමතර පන්ති පවත්වන ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් අද(22) උදෑසන උසාවියට භාර වීමෙන් අනතුරුව ජූලි 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගියදා නියෝග කළා.

තම වෑන් රථයට පිටුපසින් පැමිණි අදාල ජිප් රථ දෙක ප්‍රභූ රථ ලෙස අගවමින් වේගයෙන් පැමිණ තම වෑන් රථයට අවහිර වන ලෙස නවතා පහරදීම සිදු කර ඇති බව වෑන් රථ රියදුරු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 13 =