කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් හමුවෙයි

0
487
- Advertisement -
Share

කන්තලේ-සේරුනුවර මාර්ගයේ කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් සොයා ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ඊයේ(03) ලද තොරතුරක් මත මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

කලුපාලම අසල හමුවී ඇත්තේ 5.56 x 45 උණ්ඩ 1539යි, 7.62 x 39 උණ්ඩ 123යි, 7.62 x 54 උණ්ඩ 72යි, 12.7 x උණ්ඩ 05යි, විවිද පලුදු වූ උණ්ඩ 153ක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

මෙලෙස සොයා ගත් උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 10 =