‘කරූ’ එළියට ගන්න සිවිල් සංවිධාන සැලැස්මක්…!

0
618
- Advertisement -

කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පෙරමුණ මූලිකත්වයෙන් ගොඩ නගන පුළුල් සංධානයකින් මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, මුලින්ම ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීම සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් තීරණය කර ඇති බව රාවය පුවත්පත පවසයි. පුවත්පත වාර්තා කර ඇති අන්දමට, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කරූ ජයසූරිය මහතා, වසරක් තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කර ධූරයෙන් ඉවත්ව යන බවට සහතිකයක්ද ලබා දිය යුතු බව සිවිල් සංවිධාන යෝජන කර තිබේ.