මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක හිමිපාණන් ප්රමුඛ කාරක සංඝ සභාව විසින්
”ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව නාමය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මැතිතුමා වෙත පිරිනැමීම අද සවස තුනට සිදු වේ. මීට පෙර, රාමක්දක්ඤ නිකායෙන් ”විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජන රංජන” සම්මානය සහ ”සාරාර්ථ දර්ශී ජනතා නායක” සම්මානය එතුමා වෙත ප්රදානය කරන ලදී.
ඊට අමතරව, ජපන් අධිරාජ්‍යයා විසින් පිරිනමන, ජපානයේ ඉහළම ගෞරව සම්මානය වන ”උදාවන සූර්යයා” සම්මානයත්, 2017 දී ඉන්දියාව විසින් ”විශ්ව සාම” සම්මානයත්, මෑතකදී අබ්දූල් කලාම් විද්‍යායතනය විසින් ”ආසියාවේ අභිමානය” සම්මානයත් කරු ජයසූරිය කතානායකවරයා වෙත පිරිනමන ලදී.
කරු ජයසූරිය මැතිතුමා දැනට අප රටේ සිටින වඩාත්ම පරිණත දේශපාලඥයා වන අතර, දූෂණ චෝදනා එල්ල වී නැති එකම දේශපාලඥයාද වේ.