කරූජයසූරියගෙන් ඓතිහාසික තීන්දුවක්. වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරයි.

0
2961
- Advertisement -
Share

කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද දිනයේ ඓතිහාසික තීන්දුවක් ගනු ලැබුවේය.

බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායකවරයා තීන්දු කළේ ය.

ඒ අනුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත‍්‍රීවරුන්ට අද දිනයේ දී අදාල වෝහාරික විගණන වාර්තාව ලබා ගැනීමේ හැකියාව ඇත.

කතානායකවරයා ගත් තීරණය අගය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා, අදාල වෝහාරික විගණන වාර්තාව මත පදනම්ව, සිදුව ඇති බැදුම්කර වංචා පිළිබදව දින දෙකක විවාදයක් ඉල්ලා සිටියේ ය. අදාල විවාදය හෙට සහ අනිද්දා දිනවල පවත්වන ලෙසද මන්ත‍්‍රීවරයා පැවසී ය. කෙසේ වෙතත්, පක්ෂ නායක හමුවෙන් පසුව, විවාදයට අදාල දින තීරණය කළ හැකි බව කතානායකවරයා දැනුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − four =