“කරු පක්ෂනායකත්වයට සුදුසු නෑ. එකම සුදුස්සා මම” වජිර අබේවර්ධන.

0
202
- Advertisement -
Share

“කරු පක්ෂනායකත්වයට සුදුසු නෑ. එකම සුදුස්සා මම” වජිර අබේවර්ධන.

ඩී.එස් සේනානායක මහතා බිහිකළ එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව තිබෙන ගැටලුකාරී තත්ත්වයෙන් මුදාගැනීමට සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු අවධාරණය කරති. හිටපු ඇමැති වජිර අබේවර්ධන පෙරේදා (30 වැනිදා) පස්වරුවේ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිවරු බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා මේ බව සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් හා රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන මහතා නා හිමිවරුන් දෙපළ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. ඒ මහතා උන්වහන්සේලා සමග පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු මේ වන විට කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පැරණිතම හා අත්දැකීම් සපිරි සාමාජිකයා තමා බවත් පක්ෂ නායකත්වය භාර ගන්නා ලෙසට තමන්ට මේ වන විට ඉල්ලීම් සිදු කෙරෙමින් පවතින බවත්ය.

උන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරු දැනුවත් කොට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි බවයි. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීවේය.

‘‘පක්ෂය යම්කිසි පසුබෑමකට ලක්ව තිබුණ ද නායකත්වය සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් හටගෙන නෑ.

ඕනෙම තැනක පුරප්පාඩුවක් ඇති වුණාම සුදුසුකම් තියෙන අය ඊට ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක්. මම වසර 38ක් පක්ෂය සමග අඛණ්ඩව වැඩකරලා තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩී. බී.විජේතුංග, ගාමිණී දිසානායක වැන්නන් සමග මෙන්ම වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ සමගත් මා අඛණ්ඩව පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා. නැවත පක්ෂය ගොඩනැගීම සඳහා ඒ පළපුරුද්ද මට උපයෝගී කරගන්න පුළුවන්. පක්ෂ නායක ධුරය මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ද වර්තමාන නායකතුමාගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. වසර 43ක පාර්ලිමේන්තු පළපුරුද්දක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවනම් ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නෑ.

පක්ෂය විනාශ කළ අයත් මේ වන විට නායකත්වයට ඉදිරිපත් වීමට උත්සාහ කරනවා. ඒ අයට නම් පක්ෂයේ නායකත්වය කෙසේවත් හිමි වන්නේ නෑ. කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට කිසිසේත් සුදුසු අයෙක් නොවෙයි.’’

•කමල් සුරවීර- මහනුවර / arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =