කරුණාගේ සහ මහින්දානන්දගේ ප්‍රකාශ අගමැති කෝප ගන්වයි.

0
1565
- Advertisement -
Share

කරුණාගේ සහ මහින්දානන්දගේ ප්‍රකාශ අගමැති කෝප ගන්වයි.

හිටපු අමාත්‍යවරුන් වන, මහින්දානන්ද අළුත්ගමගේ සහ කරුණාඅම්මාන් මෑතක දී කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස කෝපයට පත්ව ඇති බව, ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී වගකීම් සහගතව ප්‍රකාශ නිකුත් කරන ලෙසට, අග්‍රාමාත්‍යවරයා, සිය පක්ෂයේ අනෙකුත් අපේක්ෂකයන්ට ද දැනුම් දී තිබේ.

තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදි කරන ලෙසට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව, මේ සතිය තුළ දී මාධ්‍ය හමුවක් පවත්වා, අදාල කරුණ පිළිබදව පැහැදිලි කිරීමට මහින්දානන්ද අළුත්ගමගේ මහතා සූදානමින් සිටින බවත් වාර්තා වේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සදහා, මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණු අතර, එම තරගය කෙසේ හෝ ජය ගන්නා ලෙසට, එතුමා, ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා ඇති බව පැවසේ. එම තරගයෙන් පසුව, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට, මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර තිබුණු බැවින්, ඔහුට ගෞරවයක් ලෙස තරගය ජයගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අතර, කරුණා අම්මාන් විසින් මඩකලපුවේ දී කරන ලද ප්‍රකාශයද රට තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ. පොහොට්ටු පක්ෂය, මේ වන විට පවසන්නේ, කරුණා අම්මාන් තමන්ගේ ප්‍රතිවාදියෙකු මිස, තමන් සමග එක්ව තරග කරන අපේක්ෂකයෙකු නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =