කරාපිටියේ හොර දොස්තරට වැඩ වරදී

0
579
- Advertisement -

කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්අඩංගුවට ගත් බව කරාපිටිය රෝහල් පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ වෙද නළාවක්, දිනපොතක් සහ ජංගම දුරකථනයක් තිබූ බව පොලීසිය පැවසුවා.

අවුරුදු 25 ක් වන සැකකරු දික්වැල්ල බතීගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බව මූලික විමර්ශනයේදී අනාවරණය කර ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලීසියට භාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 4 =