කරන්නාගොඩ හැංගිලා…!

0
617
- Advertisement -

අත් අඩංගුවට ගනීවි යැයි බියෙන් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සැගවී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, සැගවී සිටින තැන පිළිබදව හෝඩුවාවක් ලද සැණින්, ඒ මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 2008 / 2010 අතර කාලයේ නාවික හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් විසින් කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගැනීම සහ වධ හිංසා පමුණුවා ඔවුන් අතුරුදන් කිරීමේ සිදුවීම වසන්ත කරන්නාගොඩ මහතා දැන සිට ඇති බවට තහවුරු වී තිබීම මෙම අත් අඩංගුවට ගැනීමට හේතු වී තිබේ. තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපති වරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර, වාරණ නියෝගයක් නොපනවා, පෙත්සම විභාගයට ගැනීම මාර්තු 7 දක්වා කල් ගොස් තිබේ. මේ නිසා, මාර්තු 07 තෙක් ඒ මහතා අත් අඩංගුවට ගත හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =