කරන්නාගොඩ සී.අයි.ඩී යට එයි…!

0
584
- Advertisement -

තරුණයන් 11 දෙනාගේ අතුරුදන්වීමට අදාලව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
වසන්ත කරන්නොගොඩ මහතා අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙසට වූ අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සතියේ ලබා දී තිබුණි.
කෙසේ වෙතත්, ඉදිරි පරීක්ෂණ සදහා බාධා නොකරන ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත් කර තිබුණි.
ඒ අනුවයි, ප‍්‍රකාශයක් ලබා දීම ඒ මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත්තේ.