කරන්නාගොඩ අදත් සී.අයි.ඩී යේ

0
578
- Advertisement -

හිටපු නාවික හමුදාපති රියාද් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. මේ, ඒ මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා පැමිණි තෙවන අවස්ථාවයි. වසන්ත කරන්නාගොඩ මහතා කප්පම් ගැනීම සඳහා තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් ඝාතනය කළ බව කියන සිදු වීමේ සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබේ.