කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ ද්‍රවිඩ ජාතික තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් පසුව ඔවුන් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැක කරුවෙකු ලෙස නම් කර ඇති හිටපු නාවිකා හමුදාපති රියාද් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමෙන් පසුව වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති සිව්වන වතාව මෙයයි.
කරන්නාගොඩ අදත් සී.අයි.ඩී යේ
0
532