කරන්නාගොඩට හෙටත් එන්න කියයි.

0
609
- Advertisement -

ඊයේ (මාර්තු 11) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටකටත් වඩා වැඩි කාලයක් ප‍්‍රශ්න කර තිබේ.
නැවත හෙට (මාර්තු 13) උදෑසනේ ද ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් කරන්නාගොඩ මහතාට දැනුම් දී තිබේ.
2008 – 2009 අතර කාලයේ කප්පම් ගැනීම කොළඹ හා තදාසන්න නගරවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =