කරන්නාගොඩට සිතාසිය දීගන්න බැරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…!

0
450
- Advertisement -

කප්පම් ලබා ගැනීම සදහා කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තරුණයන් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාල සැකකරුවෙකු ලෙස නම් කර සිටින, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, අදාල නඩුව ඊයේ දිනයේ කැදවූ අවස්ථාවේ දී ද අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය.

අදාල නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපතිවරයාට, සිතාසි භාර දීමට තමන්ට නොහැකි වූ බව, නඩුව කැදවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ ය.

ඒ මොහොතේ අධිකරණය පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතු බවයි.

කෙසේ වෙතත්, අධිකරණය ඊයේ දිනයේ නැවත වරක් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව සිතාසි නිකුත් කළේ ය. ඒ සිව්වන වතාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 17 =