කමාන්ඩෝ සෙබලුන් සහිත විශේෂ ආරක්ෂාවක් යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

0
205
- Advertisement -
Share

ටෙස්ට් තරගාවලි සංචාරයක් සඳහා පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අති විශේෂ ප්‍රභූවරුන්ට දෙන හා සමාන ආරක්ෂාවක් සපයන බව පාකිස්ථාන පොලිසිය පවසනවා.

එරට පොලිස් ප්‍රධානියා ඇතුලු නිළධාරීන් රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කමාන්ඩෝ සෙබලුන් යෙදවීමට නියමිතයි.

ක්‍රීඩකයන් නවාතැන් ගන්නා ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර අවසර නොමැති කිසිවෙකුට එම කළාප වෙත පිවිසීමට අවසර හිමිවන්නේ නැහැ.

වසර 10 කට පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

ලබන ඉරිදා ශ්‍රී ලංකා පිල පකිස්ථානය බලා පිටත්ව යන අතර පළමු ටෙස්ට් තරගය ලබන 11 වනදා සිට 15 වනදා දක්වා රාවල්පිණ්ඩි හිදීයි පැවැත්වෙන්නේ.

2 වන තරගය 19 වනදා සිට 23 වනදා දක්වා කරච්චි හිදි පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =