කමල් ගුණරත්නට තවත් තනතුරක්.

0
790
- Advertisement -

විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත්කර තිබේ. මෙම පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකර ඇති අතර, එහි අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ඕෂධ සේනානායක පත්කරන ලද්දේ ද ජනාධිපතිවරයා ය. මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිසම ජනාධිපතිවරයා යටතේ පැවති අතර, ජනාධිපති ලේකම්වරයා එහි සභාපති වශයෙන් පත් කරනු ලැබීය.

වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශයක් ඔහු යටතේ තබා ගැත නොහැකි අතර, ඒ අනුව, රාජ්‍ය ආයතනද ඔහු යටතේ තබාගත නොහැක. අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබුණද ඒවාට අදාල විෂයන් හා රාජ්‍ය ආයතන තවමත් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර නැත.

ලසන්ත රුහුණගේ.
අනිද්දා පුවතපත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 13 =