අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වන, මොහොමඞ් නස්ලිම් මහතාට වෙඩි තබා තිබේ. මොහොමඞ් නස්ලිම් මහතා මාවනැල්ලේ ඔහුගේ නිවසේ සිටිය දී පසුගිය නම වෙනිදා මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.
පසුගිය දෙසැම්බරයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පැමිණවීම සදහා මොහොමඞ් නස්ලිම් මහතා මහත් සේ වෙහෙසුන බවත්, ඒ මහතාට වෙඩි තැබීම පිටුපස ඒ හේතුව තිබිය හැකි බවත් පොලිසිය සැක කරයි.