“කප්පම් ගැනීම සඳහා තරුණයන් පැහැර ගත්තා…!” නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක් පිලිගනී..!

0
738
- Advertisement -

යුද සමයේ දී, කප්පම් ලබා ගැනීමේ අරමුණ ඇතිව කොළඹ සහ නැගෙනහිර පලාතේ යම් යම් ප‍්‍රදේශවලින් ද්‍රවිඩ ජාතික තරුණයන් පැහැර ගත් බවත්, මෙසේ පැහර ගත් තරුණයන්, රහසිගත ස්ථානවල රදවා තබාගෙන පසුව ඔවුන් අතුරු දන් කළ බවත් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් පිළිගෙන තිබේ. කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ පාපොච්ඡුාරණයක් කරමින්, නාවික නැවි සෝමදාස සහ නාවික නැවි කෝට්ටේගොඩ යන අය විසින් මේ පිළිගැනීම සිදු කර තිබේ. මෙම පැහැර ගැනීම් සදහා අදාල නාවික හමුදා සෙබළුන් වෙත නියෝග ලබා දී ඇත්තේ කොමදෝරු, ඞී.කේ.පී දසනායක යන විසිනි. මෙම සිදුවීමට අදාලව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්තඩංගුවට ගැනීමේ සූදානමක් පවතින අතර, නාවික හමුදා පතිවරයා විසින්, එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබේ.