“කන්දකාඩු පොකුරෙන්, වෛරසය සමාජගත වීමේ දැඩි අවදානමක්.” ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනතුරු හගවයි.

0
672
- Advertisement -
Share

කන්දකාඩු පොකුරෙන්, වෛරසය
සමාජගත වීමේ දැඩි අවදානමක්.”
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනතුරු හගවයි.

කන්දකාඩු පොකුරෙන් – වෛරසය සමාජගත වීමෙම් දැඩි අවදානමක් පවතින බව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

කන්දකාඩුවෙන් හදුනා ගන්න ලද ආසාදිතයන්, ඔවුන් ආසාදිතයන් ලෙස හදුනා ගන්නා අවස්ථාව වන විටත්, සති කිහිපයක් තිස්සේ රෝගයට ගොදුරුව සිට ඇති බව තහවුරු කරගෙන ඇති බව වෛද්‍ය සභාව පවසයි.

විශාල පිරිසක් – දීර්ඝ කාලයක් තිස්සේ එකට ජීවත් වන ස්ථානයක එක් අයෙකුට හෝ වෛරසය ආසාදනය වුවහොත්, එය ඉක්මනින්ම ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පවසන රජයේ වෛද්‍ය සභාව, කන්දකාඩුවෙන් එක් දිනක් තුළ ආසාදිතයන් 300 කට වඩා වැඩි පිරිසක් සොයා ගෙන ඇති බවද සදහන් කරයි.

කන්දකාඩු ආසාදිතයන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය අතර සම්බන්ධයක් තිබේනම්, රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවදනාම මග හැරිය නොහැකි බවද වෛද්‍ය සභාව අනතුරු හගවයි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියකට සමාජයම අවතීර්ණ වූ බව පවසන වෛද්‍ය සභාව, කඩිනමින් සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීම ද ගැටළුවක් බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =