කතානායක ධූරයට වාසු..!

0
779
- Advertisement -

කතානායක කරූ ජයසූරිය මහතා එම ධූරයෙන් ඉවත් කර, වාසුදේව නානායක්කාර මහතා එම තනතුරෙහි පිහිටුවීම සදහා වූ වැඩ පිළිවෙලක් දියත්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කතානායක ධූරය වෙනස් කිරීම ස`දහා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී පිරිසකගේ අනුමැතිය අවශ්‍ය වේ. එනම්, අවම වශයෙන් මන්ත‍්‍රීවරු 113 දෙනෙකුගේ අනුමැතිය ඒ සදහා අවශ්‍යය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දියත් වූ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පරාජය කිරීමට නායකත්වය දුන්නේ වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා බව රහසක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සෑම පුරවැසියෙකුගේම ගෞරවය දිනා ගැනීමට ඒ මහතා සමත්ව සිටී.

එවැනි තත්ත්වයක් තුළ කතානායක ධූරයෙක් කරූ ජයසූරිය මහතා ඉවත් කිරීමට අවශ්‍ය බහුතර මන්ත‍්‍රී අනුමැතිය ලබා ගැනීම පහසු කටයුත්තක් නොවීමට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =