කණ්ඩලම වැව වාන් දැමීම නිසා ගමනාගමනයට බාධා

0
523
- Advertisement -

කණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇති අතර පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ දින පස්වරුවේ අඟල් හයක් පමණ වාන් දැමූ කණ්ඩලම වැව අද (05) දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී තිබේ.

වානෙන් බැස යන ජලය මිරිස්ගොනියා ඔය හරහා කලාවැවට මුදාහැරෙන නිසා දඹුල්ල වෑවල වැව යන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. විශේෂයෙන් කුඩා පාලමෙන් යතුරුපැදි ත්‍රිරෝද රථ ගමන් කිරීමට හැකිවන අතර වාන මතින් දිවෙන මාර්ගයේ බස් ගමනාගමනයට පමණක් සීමා වී තිබෙනවා. අනෙකුත් වාහන ගමනාගමනය නවතා තිබීම විශේෂත්වයක්.

වාන මතින් ගමන් කිරීමේ දී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල පොලීසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබෙන බව පොලීසිය පැවසුවා.

අධික ජල කඳක් පවතින හේතුවෙන් කණ්ඩලම වැවේ වාන අතර දිය නෑම සහ දිය කෙළියේ යෙදීම නොකරන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින අතර විශාල වශයෙන් සංචාරකයන් ගැවසෙන කණ්ඩලම ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට ගමන් කිරීමට ද අපහසුතා රැසක් පවතින බව සංචාරක හෝටල් හිමියෝ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + six =