කඩුවෙල තත්ත්වය අවදානම්..! ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී පවසයි.

0
611
- Advertisement -
Share
8 / 100

කඩුවෙල තත්ත්වය අවදානම්..!
ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී පවසයි.

කොරෝනා දෙවන රැුල්ල ආරම්භ වීමෙන් පසුව, මේ දක්වා, කොරෝනා ආසාදිතයන් 174 දෙනෙකු, කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් වාර්තා වී ඇති බව, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චන්දන පත්බේරිය මහතා පවසයි.

මෙම රෝගීන් කඩුවෙල ,කොතලාවල,වැලිවිට, වැලිහිද , නවගමුව ,පෝරේ ,බෝමිරිය, තලාහේන ,ඔරුවල,කොරතොට ,අතුරුගිරිය ,රනාල, ඇතුලු වසම් 18කින් වාර්තා වී ඇත.

පහල බෝමිරිය වෑක්කවත්ත යකඩ වැඩපොලින් වාර්තා වූ රෝගීන් 29 දෙනාගෙන්
වැඩි පිරිසක් මේ වනවිට නිරෝධානය සදහා යොමු කල බව වෛද්‍ය චන්දන මහතා පැවසීය.

මෙම යකඩ වැඩපලට දිවයිනේ නන් දෙසින්
යකඩ රැගෙන යාමට පැමිනි ලොරි වල විස්තර අදාල සමාගම සතුව නොමැති නිසා ඔවුන් සොයා ගැනීම දුෂ්කර වී ඇතැයිද එවැනි අයෙකු වෙත්නම් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන ලෙසද වෛද්‍ය චන්දන පත්බේරිය මහතා ඉල්ලා සිටියි.


කඩුවෙල පවතින තත්වය ඉතාමත් අවදානම් බැවින් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය
යුතු බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =