කට උත්තර නෑ නේ ද..? ගොළුවත රකින මෛත්‍රීගෙන් මාධ්‍යවේදියා අසයි.

0
1237
- Advertisement -

කට උත්තර නෑ නේ ද..?
ගොළුවත රකින මෛත්‍රීගෙන් මාධ්‍යවේදියා අසයි.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසමට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ ද පැමිණ සිටියේ ය. හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටියේ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ ලබා දෙන සාක්ෂියට කන් දීම සදහා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපතිවරයා තමන්ට බලපෑම් කළ බවත්, ආරක්ෂක කවුන්සිලයට තමන් සහභාගී වීම හිටපු ජනාධිපතිවරයා විසින් වළක්වා තිබුණු බවත්, මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් පිළිබදව විමර්ෂණය කිරීම නවතන ලෙස හිටපු ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවත්, පූජිත ජයසුන්දර කොමිසම හමුවේ හෙළිදරව් කර තිබුණි.

පූජිත ජයසුන්දර මේ සියළු කරුණු හෙළිදරව් කරන ආකාරය, හිටපු ජනාධිපතිවරයාට කොමිසම් සභාවේ පසුපස ආසනයක වාඩි වී අසා සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

විනාඩි හතලිස් පහකට ආසන්න කාලයක් කොමිසමේ රැදී සිටි හිටපු ජනාධිපතිවරයා පසුව කොමිසම් සභාවෙන් පිටතට පැමිණියේ ය.

එහිදී මාධ්‍යවේදීන් නොයෙකුත් කරුණු පිළිබදව හිටපු ජනාධිපතිරයාගෙන් විමසා සිටියද, ඒ කිසිවකට පිළිතුරු නොදී, ප්‍රශ්න මග හැර යෑමට ඔහු සමත්කම් දැක්වී ය.

අවසානයේ දී එක් මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් – කොමිසම හමුවේ හෙළිදරව් වෙමින් තිබෙන කරුණු නිසා ඔබ තුමාලට කට උත්තර නෑ නේදැ යි විමසා සිටියේ ය.
ඊටද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා, හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටව ගියේ ය.