කටාර්වල සිර වී සිටින පිරිස් ගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි. අද ගෙන ඒමට නියමිතව සිටි 273 දෙනා නොගෙනෙයි.

0
655
- Advertisement -

කොරෝනා වසංගත තත්ත්තවය මත කටාර් රාජ්‍යයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් නැවත මව්බිමට ගෙන ඒමට තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කටාර් රාජ්‍යයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් යළි මව්බිමට රැුගෙන ඒම සදහා අද දිනයේ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානාවක් කටාර් බලා පිටත්කර හැරීමට සැලසුම් කර තිබුණද, මේ වන විට එම ගුවන් ගමන අවලංගු කර තිබේ.

කටාර්වල සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 273 දෙනෙකු, අද දිනයේ දිවයිනට රැුගෙන ඒමට නියමිතව තිබුණි.

මැදපෙරදිග රටවල සිට ගෙන්වන පිරිස් අතරෙන්, කොරෝනා වෛරසය ආසාදනය වූවන් බහුල වශයෙන් හමු වීම, මෙසේ එම පිරිස් ගෙන්වීම තාවකාලිකව කල් තැබීමට හේතු වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =