කට්ටිපනිමින් සිටි – නාකොටික් පොලිස් පරීක්ෂක, පොලීසියට භාර වෙයි.

0
472
- Advertisement -

කට්ටිපනිමින් සිටි – නාකොටික් පොලිස් පරීක්ෂක
පොලීසියට භාර වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට චෝදනා ලැබ සිටින, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂකරවයා මේ වන විට කඩවත පොලිසියට භාර වී ඇති බව වාර්තා වේ.

අදාල පොලිස් පරීක්ෂකවරයා සොයා, පසුගිය සතිය මුළුල්ලේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. කෙසේ වෙතෙත්, සැකකාර පොලිස් පරීක්ෂකවරයා අද පෙරවරුවේ කඩවත පොලිස් ස්ථානයට භාර වන තුරුම ඔහු සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් විය.