කංසා ලංකාවේ නීතිගත කරයි ද..?

0
197
- Advertisement -
Share

කංසා ලංකාවේ නීතිගත කරයි ද..?

ගංජා/කංසා/කැනබීස්/මරිජුවානා/ත්‍රයිලෝක විජයපත්‍ර විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පනත යටතේ ගංජා නැතිනම් කැනබීස් තහනම් මත්ද්‍රව්‍යයක් ලෙසට නම් කර ඇත.

එලෙස ශ්‍රි ලාංකීය නීතිය විසින් “ගංජා” තහනම් මත්ද්‍රව්‍යයක් ලෙස නීති පනවා ඇත්තේ කිසිදු විද්‍යාත්මක හෝ පරීක්ෂණනමය සිද්ධාන්තයන් මත නොවනබව ඉතා පැහැදිලිය .ඊට මූලිකම හේතුව වන්නේ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥ පනත පනවා අත්තේ වර්ෂ 1927 දී වන අතර ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදයේ ඕනෑ එපාකම් අනුව පනවනු ලැබූ නීතියක් මිස කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වල දත්ත පදනම් කරගෙන නොවන බව ඉතා පැහැදිලිය.

නීතිය මගින් ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසි අධිරාජ්‍යය විසින් ගංජා තහනම් කරනු ලැබීමට ආසන්නතම වාණිජ්‍ය හේතුව වන්නේ ඔවුන්ගේ සිලෝන් ටුබැකෝ සමාගම හරහා දුම්කොළ වෙළද ව්‍යාපාරය රට තුල ව්‍යාප්ත කරලීමටය.

ඒ හැර සුද්දන් විසින් කිසිදු අවස්ථාවක ගංජා ශාකයෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක හෝ වෙළෙද අගය පිළිබදව කිසිදු සාධණීය පරීක්ෂණයක් සිදු කිරමෙන් පසුව මෙම නීති සම්පාදනය කර නොමැත.

රටේ පැවති රා,තල් වලටද සුද්දන් විසින් වින කැපුවේ මේ ආකාරයටමය. ඔවුන් සුරා බදු ආඥ පනත පනවා රා,තල් සදහා තහනම්/සීමාවන් සහ බදු පනවා එම දේශීය වෙළදාම අධර්‍යයට පත්කොට සුද්දන්ගේ අරක්කු සහ රට බීමහල් රට පුරා විවෘත කරමින් වැලි මිරිකා වතුර ගත්ත සිංහල ජාතිය බේබදු ජාතියක් බවට පරිවර්තනය කිරීමට පාර කැපුවෝය. අදටත් අපි තවමත් සුද්දන්ගේ ළණුව අනුභව කරමින් රට බීමහල් වලින් සන්තර්පනය වෙමින් සිහිවිකල්වම ජීවත් වෙති.ඉහත කරුණට අමතරව ඉංග්‍රීසින් විසින් ගංජා තහනම් කිරීමට හේතු පාදක වූ තවත් බොහෝ කරුණු සිංහල ජන සමාජය සතුව ඇති අතර මෙහිදී එම කරුණු අතහැර විද්‍යාත්මක සහ වාණිජ කරුණු පිළිබදව පමණක් දළ අදහසක් ඇතිකර ගැනීමට උත්සාහ කරමි.

එසේම අවධාරණය කල යුතු තවත් කරුණක් වන්නේ ගංජා වල ඇති වෛද්‍ය විද්‍යාත්මක සහ ආර්ථිකමය වටිනාකම ප්‍රවර්ධනය කිරීම හැර මත්ද්‍රව්‍යක් ලෙස උරාබීම ප්‍රවර්ධනය කිරීම කිසිසේත් අපේක්ෂා නොකරන බවය.

කංසා සහ මරිජුවානාද ලබා ගන්නේ Canabis sativa යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන පැලෑටියකිනි. එසේ වුවද මෙම දෙවර්ගය වෙන වෙනම ලබාදෙන පැලෑටි වර්ග දෙකක් ඇති අතර එම වර්ග දෙක අතර ඉතා පැහැදිලි වෙනස්කම් පවතී. විශේෂයෙන්ම CBD ලෙස හදුන්වනු ලබන Canabidiol නැමැති රසායනික සංයෝගය මෙම පැලෑටි දෙකෙහිම ඇත. එසේ වුවද කංසාවල පවතින කැනබිඩියොල් ප්‍රමාණය 1ක් නම් මරිජුවානා වල එය මෙන් සිය ගුණයක් කැනබිඩියොල් පවති.

එසේම මෙම පැලෑටි දෙවර්ගයේම Tetrahydrocannabinol හෙවත් THC යනුවෙන් හැදින්වෙන තවත් රසායන සංයෝගයක් පවතී. මරිජුවානා වල මනසට දැඩි ලෙස බලපෑම් කරන ප්‍රධාන ද්‍රව්‍යය වන්නේ මෙම THC වන අතර කෙනෙකු මත්බවට පත්කරනුලබන්නේ මෙම THC වලිනි.

පෙර සදහන් කල CDB වලද THC යම් ප්‍රමාණයකින් පැවතුනද එය පුද්ගලයකු උමතු කරවන තරම් ප්‍රමාණයක් නොවන්නේය. කංසා වල ටෙට්‍ර්රොහයිඩ්‍රෝකැනබිනොල් (THC) අගය 0.3%-1.5%ක් වන අතර මරිජුවානා වල මෙම අගය 5%සිට 10% දක්වා ප්‍රමාණයක පවති.

මේ සම්බන්ධයෙන් සිදුකරම ලද විද්‍යාත්මක පරීක්ෂණ අනුව කංසා සහ මරිජුවානා හෙවත් ගංජා ශාක එකිනෙකට වෙනස් ශාකයන් බවත් ඒවා ජානමය, THC අන්තර්ගතය, වගාකිරීම , නීතිමය සහ පරීක්ෂණික වශයෙන්ද එකිනෙකට වෙනස් බව තහවුරු වී ඇත.

මීට අමතරව කැනබීස් ප්‍රධාන වශයෙන් තවත් කොටස් දෙකකි.එනම් කැනබිස් සැටයිවා සහ කැනබිස් ඉන්ඩිකා වශයෙනි.මෙම පැලෑටි දෙකින් කැනබීස් සැටයිවා වල THC:CBD අගය කැනබීස් ඉන්ඩිකා වල THC:CBD අගයට වඩා බෙහෙවින්ම පහල මට්ටමක පවතින බව තහවුරු වී ඇත.

මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =