කංසා අපනයනයට සූදානමක් ඉදිරි මාස 3 ඇතුළත නීතියේ අනුමැතිය

0
119
- Advertisement -

අපනයන භෝගයක් වශයෙන් කංසා වගා කර එමගින් විදේශ විනිමය උපයා ගැනීමේ ක‍්‍රමවේදයකට අවධානය යොමු කර තිබෙන බව දේශිය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් පවසා තිබේ. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ 2022 අයවැය විවාදයට එක් වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේ දැනට පවතින සම්ප‍්‍රදායික නීති රාමුව වෙනස් කළ යුතු බවයි. අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ සමතුලිත ජන ජීවිතය ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර තිබේ. ඒ අනුව අපේ ආහාරපාන රටාව, බෙහෙත් හේත් ආදියද ඔවුන් මුළුමනින්ම ඔවුන්ගේ ක‍්‍රමවේද අනුව සකසා ඇත.

කංසා යනු ලංකාවේ බහුලව වගා කළ ඖෂධීය පැලෑටියකි. එය අධිරාජ්‍යවාදින් විසින් තහනම් කරන ලද්දේ ඔවුන්ගේ මත්පැන් සඳහා වෙළඳපොළක් ලබාගැනීමටය. කංසා මත් ද්‍රව්‍යයක් වශයෙන් භාවිතය තහනම් කරන විට, එය දේශිය වෙදහෙදකම් හා ආහාර රටාවට බලපාන ආකාරය ගැන ඔවුන් කල්පනා කළේ නැත.

නමුත් නිදහස ලබා දැනට සෑහෙන කාලයක් ගත වී ඇති නමුත් අධිරාජ්‍යවාදි සංකල්පවලින් මිදෙන්නට අපට අවශ්‍යතාවයක් තිබී නැත. අමාත්‍යවරයා කෙටියෙන් හා සංක්‍ෂිප්තව පැවසුවේ ඒ අදහසයි.

ඔහු පෙන්වා දුන් ආකාරයට පිළිකා, ස්නායු රෝග, මන්දමානසික භාවය, නොයෙක් වේදනා ආදිය වෙනුවෙන් කංසා ඖෂධයක් වශයෙන් භාවිතා කළ හැකිය. එසේම විදේශ රටවල කංසා සඳහා විශාල ඉල්ලූමක් තිබේ.

මේ වනවිට බොහෝ රටවල් කංසා වගාව හා අලෙවිය නීතිගත කර තිබේ. එලෙසින් ගත් කළ කංසා ඉතාම හොඳින් වගාකළ හැකි දේශගුණයක් හා කාලගුණයක් සහිත ලංකාව වැනි රටක එය අපනයන භෝගයක් වශයෙන් වගා කිරීම කාලෝචිත කි‍්‍රයාවක් වෙයි.

මේ නිසා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙම යෝජනාව සාර්ථක ආකාරයට බලගන්වන්නට කටයුතු කළහොත් ඔහු නව ධනෝත්පාදක වැඩසටහනක පුරෝගාමි මෙහෙවරක් කළ අයෙක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − nineteen =