ඖෂධ රැසක මිල ඉහල ගිහින්. ඖෂධ නියාමන අධිකාරිය පිළිගනී.

0
1416
- Advertisement -
Share

ඖෂධ රැසක මිල ඉහල ගිහින්.
ඖෂධ නියාමන අධිකාරිය පිළිගනී.

මිල පාලනයට යටත් නොකළ ඖෂධ වර්ග රැසක මිල ඖෂධ ආනයන සමාගම් 07ක් විසින් ඉහළ දමා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ජාතික ඖෂධ නියාමන පනතට අනුව ඕනෑම ඖෂධයක මිල ඉහළ දැමීමට පෙර අධිකාරියෙන් අවසර ලබා ගත යුතු වෙයි. එහෙත් මෙම සමාගම් හත ඖෂධ මිල වැඩි කර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ප්‍රකාශ කරයි.

අවසරයකින් තොරව ඖෂධ මිල ඉහළ දැමූ සමාගම්වලින් නිදහසට කරුණු විමසා ලිපි යොමු කළ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. වේදනා නාශක, විෂබීජ නාශක, විටමින් සහ කැල්සියම් වර්ග, අධි රුධිර පීඩන ඖෂධ, දිලීර නාශක ඖෂධ මෙලෙස මිල වැඩි කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ වර්ග 73ක මිල නියාමනය කර ඇත. ඖෂධ මිල ඉහළ යාම පිළිබඳව පාරිභෝගිකයන් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ද ඉදිරිපත් කර ඇත.

@aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =