ඕස්ටේ‍්‍රලියාව කොරෝනා මර්දනයට නව තීනි පනවයි. අවමංගල්‍යයකදී රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 10 යි. මගුලකදී 05 යි.

0
423
- Advertisement -

කොරෝනා වෛරසයේ බලපෑම දවසින් දවස වැඩිවත්ම, වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ඕස්ටේ‍්‍රලියාව නව නීති හදුන්වා දෙමින් සිටියි.

ඒ අනුව, අවමංගල්‍යයක දී ඒ වෙනුවෙන් රැුස්විය හැකි උපරිම සංඛ්‍යාව 10 කි. එමෙන්ම, මංගලෝත්සවයක් පවත්වන්නේ නම්, ඊට සහභාගී විය හැකි උපරිම ප‍්‍රමාණය 05 කි.

ඊට අමතරව, මේ වන විට ඕස්ටේ‍්‍රයාවේ මහජනතාවට රැුස්වීම සදහා පහසුකම් සලසා ඇති සෑම උද්‍යානයක්ම සහ සෑම මහජන අවකාශයක්ම වසා දමා තිබේ. ගෙවුනු පැය විසිහතර ඇතුළත, වෛරසය ආසාදනය වූවන් 427 දෙනෙකු හදුනාගැනීමත් සමග ඕස්ටේ‍්‍රලියානු රජය මෙම නීති පනවා තිබේ.

දැනට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඕස්ටේ‍්‍රලියාව තුළ පුද්ගල මරණ 08 ක් සිදුව තිබේ. රට තුළ සිටින ආසාදිතයන්ගේ මුළු ගණන 2136 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =