ඕඅයිසී යට කර පළා ගිය තරුණයා තවදුරටත් රිමාන්ඩ් ..!

0
637
- Advertisement -

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති,පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා අනතුරට ලක් කළ ඩිෆෙන්ඩරය පැද වූ බවට සැක කරන, ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව වැඩ කරන පොලිස්අ ධිකාරීවරයෙකුගේ පුතෙකු වන නවිදු ඔමේෂ් රත්නායක, මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රිය අනතුරට මුහුණ දුන් පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා පසුගිය නම වන දා මිය ගොස් තිබුණි. මෙම අනතුර සම්බන්ධයෙන් නවිදු ඔමේෂ් රත්නායකට අමතරව මහින්දානන්ද අළුත් ගමගේ මහතාගේ පුතෙකු ඇතුළුව තවත් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් හය දෙනාටම අධිකරණය මගින් ඇප ලබා දී තිබුණි.මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු පොලිස් ගෞරව මධ්‍යයේ අද පස්වරුවේ සිදුකිරීමට නියමිත ය.