“ඔහු ලෝකය වෙනස් කළා;” ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා කියයි. ජෝර්ජ් ෆ්ලොයිඞ් ගේ අවසන් කටයුතු අද.

0
616
- Advertisement -
Share

“ඔහු ලෝකය වෙනස් කළා;” ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා කියයි. ජෝර්ජ් ෆ්ලොයිඞ් ගේ අවසන් කටයුතු අද.

සුදු පොලිස් නිළධාරීන් විසින් ඝාතනය කරන ලද ජෝර්ජ් ෆ්ලොයිඞ් නම අප්‍රිකානු ඇමරිකානුවාගේ අවසන් කටයුතු අද සිදු කරන බව පැවසේ.

අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ හුස්ටන් වල දී ය. ඒ ඔහුගේ උපන් නගරයයි.

ෆ්ලොයිඞ් ගේ දේහය, ඔහුගේ මව මිහිදන් කර ඇති තැනට යාබදව මිහිදන් කිරීමට නියමිත ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී, ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස තරග වැදීමට නියමිත, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක, ජෝ බයිඩන්, අද සන්ධ්‍යාවේ දී ජෝර්ජ් ෆ්ලොයිඞ් වෙත සිය අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටියේ ය.

ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ පවුලේ ඥාතීන් වෙත සිය කණගාටුව පළ කර සිටි ජෝ බයිඩන්, ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වූව ද, ඔහු, ඇමරිකානු ඉතිහාසය වෙනස් කරන බව පවසා සිටියේ ය.

මේ වන විට, ජෝර්ජ් ෆ්ලොයිඞ් ට යුක්තිය ඉල්ලා කරන සටන, ඇමරිකාවෙන් පිටත යුරෝපය දක්වාත්, ලෝකයේ අනෙකුත් රටවල් වෙතත් පැතිරී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =