ඔබට පුළුවන්ද හිට්ලර් කෙනෙක් ඉල්ලන්න..? ලංකාවේ ජර්මන් තානාපති අසයි.

0
1083
- Advertisement -

ඔබට පුළුවන්ද හිට්ලර් කෙනෙක් ඉල්ලන්න..?
ලංකාවේ ජර්මන් තානාපති අසයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඔහුට ඡුන්දය දුන් ජනතාව බලාපොරොත්තු වන්නේ හිට්ලර් කෙනෙකු බව, රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබුණි.

අමාත්‍යවරයාගේ එම අදහස් දැක්වීම සමාජ මාධ්‍යයේ බොහෝ සෙයින් විවේචනයට ලක්වන බව පෙනෙන්නට තිබේ.

හිට්ලර් මිනිස් සංහතියට සිදු කළ විනාශය පිළිබදව දැනුමක් ඇති කිසිවෙකු කිසිදු විටෙක හිට්ලර් පන්නයේ නායකයෙකු බලාපොරොත්තු නොවේ.

හිට්ලර් බදු නායකයෙකු අවශ්‍ය යැයි කියන ලාංකීය දේශපාලනඥයන්ටත් පොදුවේ එවැනි මතයක් දරන සියල්ලන්ටත්, මෙරට ජර්මන් තානාපති හොල්ගර් ෂූබර්ට් හිට්ලර් යනු කෙතරම් බිහිසුණු මිනිසෙක්දැයි මතක් දෙමින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

මිනිස් ජීවිත මිලියන ගණනක් මරා දැමූ – එමෙන්ම කිසිදිනෙක ඔබට පරිකල්පනය කළ නොහැකි තරමේ බිහිසුණු ඛේදවාචකයකට තවත් නොගිණිය හැකි තරමේ මිනිසුන් ප‍්‍රමාණයක් ඇද දැමූ හිිට්ලර් කිසිසේත්ම – කිසිදු විටෙක පරමාදර්ශී නායකයෙකු නොවන බව ජර්මන් තානාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + twenty =